මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහා රියදුරු ‍උපදේ‍ශකයන් සහ සහකාර රියදුරු උපදේ‍ශකයන් ලියාපදිංචි කිරීම සඳහා සුදුසුකම් සපුරා ඇති ‍ශ්‍රී ලාංකික පුරවැසියන් වෙතින් අයදුම්පත් කැඳවීම සඳහා පළ කරන ලද 2022.01.28 දිනැති අංක 2265 දර‍න ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය සම්බන්ධයෙනි.

එම ගැසට් පත්‍රයට අනුව 2022.03.15 දිනට සුදුසුකම් සම්පූර්ණ කරන ලද පුරවැසියන් වෙතින් ඉහත තනතුරු සඳහා අයදුම්පත් කැඳවා 2022 ජූනි මස දී ශ්‍රී ලංකා වි‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍භාග දෙපාර්තමේන්තුව විසින් ලි‍ඛිත පරීක්ෂණයක් පවත්වන ලදී. ඒ අනුව, සුදුසුකම් ලැබූ සහකාර රියදුරු උපදේශකයන්  සඳහා 2023 ජූනි මස 01,02 සහ 05 යන දිනයන්හි දී සහ රියදුරු උපදේශකයන් සඳහා 2023 ජූලි මස 27, 28 යන දිනයන් හි දී මූලික සුදුසුකම් පරීක්ෂා කර බැලීමේ සම්මුඛ පරීක්ෂණ පවත්වන ලදී. 

ඉහත ගැසට්පත්‍රය අනුව 2022.03.15 දිනට මූලික සුදුසුකම් පරීක්ෂා කර බැලුවද, මූලික සුදුසුකම් පරීක්ෂා කර බැලීමේ සම්මුඛ පරීක්ෂණය පවත්වන ලද අවසන් දිනය වන 2023.07.28 දින දක්වා ඉහත සුදුසුකම් පරීක්ෂා  කර බැලීමේ දිනය දීර්ඝ කිරීමට මා විසින් තීරණය කර ඇත. ඒ අනුව, මූලික සුදුසුකම් පරීක්ෂා කර බැලීමේ සම්මුඛ පරීක්ෂණය පවත්වන ලද 2023.07.28 දිනට ඔබ විසින් ඉහත ගැසට් පත්‍රයේ සඳහන් සුදුසුකම් සපුරා තිබේනම්, 2024.10.31 දිනට පෙර ඔබගේ අභියාචනා මෙම‍ දෙපාර්තමේන්තුවේ නාරාහ්න්පිට ප්‍රධාන කාර්යාලයේ  ආයතන අංශය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන මෙන් කාරුණිකව දන්වමි.