අයදුම්පත් භාරගැනීම - පෙ.ව.8.30 සිට ප.ව. 3.00 දක්වා

  • තානාපති කාර්යාලයකින් සිවිල් පුද්ගලයෙකුට පැවරීම.
  • තානාපති නිලධාරියෙකු නොවන වරප්‍රසාද සහිත පුද්ගලයෙකුගෙන් සිවිල් පුද්ගලයෙකුට පැවරීම.
  • සිවිල් පුද්ගලයෙකුගෙන් සිවිල් පුද්ගලයෙකුට පැවරීම.(FZ කාණ්ඩය)

ඉදිරිපත් කළ යුතු ලියකියවිලි

  • නිවැරදිව සම්පූර්ණ කරන ලද මෝ.වා.ප 06 හා මෝ.ව.ප 08 ආකෘති පත්‍ර (පැවරුම් දිනය මාස 6 ඇතුළත විය යුතුය.)
  • ලියාපදිංචි සහතිකයේ මුල් පිටපත.
  • වාහනය හඳුනා ගැනීමේ පත්‍රය (ඉංග්‍රීසි අකුරු වාහන සඳහා)
  • විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් බලය පවරන ලද ලිපි.
  • රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තු/ රේගු තක්සේරු වාර්ථා
  • පැවරුම් වර්ෂයට අදාළ ආදායම් බලපත්‍රය හා එහි පිටපතක් (පැවරුම් දින සිට මාස 06ක් ඇතුළත විය යුතුය.)
  • පැවරුම් ලාභියාගේ ඡායාරූප 02ක් (ප්‍රාදේශීය සාමදාන විනිශ්චයකරුවකු හෝ රජයේ මාණ්ඩලික ශ්‍රේණියේ නිලධාරියෙකු විසින් නිල මුද්‍රාව තබා සහතික කළ යුතුය.)
  • පැවරුම් ලාභීයාගේ ජාතික හැඳුනුම්පත/ විදේශීය ගමන් බලපත්‍රය/ රියදුරු බලපත්‍රය/ හා එහි ඡායා පිටපතක්.
  • මූල්‍ය සමාගම් වලට බැඳී ඇත්නම් ඒවා නිදහස් කළ බවට ආයතනය ලිපි ශීර්ෂයක ලිපියක්.
  • මූල්‍ය සාමාගමකට පරම අයිතිය පැවරීමක්/ කල්බදු ක්‍රමය යටතේ පැවරුමක් හා උකසක් තිබේ නම් එයට අදාළ ලියවිලි.

පැවරීමේ ස්වභාවය

  • A.තානාපති කාර්යාලය තුළ අභ්‍යන්තර පැවරුම්.
  • B.තානාපති කාර්යාලයකින් වෙනත් කාර්යාලයකට පැවරීම
  • C/C1.තානාපති කාර්යාලයකින් තානාපති නොවන එහෙත් වරප්‍රසාද සහිත පුද්ගලයෙකුට පැවරීම/ වරප්‍රසාද සහිත පුද්ගලයෙකුගෙන් තානාපති කාර්යාලයකට පැවරීම.
  • D.සිවිල් පුද්ගලයෙකුගෙන් තානාපති කාර්යාලයට පැවරීම.
  • E.සිවිල් පුද්ගලයෙකුගෙන් වරප්‍රසාද සහිත පුද්ගලයෙකුට පැවරීම.

සාමාන්‍ය සේවා කාලය

සාමාන්‍ය සේවා -

  • අවම වශයෙන් දින 21 ක්
  • උපරිම දින 30 කි

අයකරනු ලබන ගාස්තු

වාහන කාණ්ඩයපැවරුම් ගාස්තුපළමු වරට පරම අයිතිය ලියාපදිංචි කිරීමපළමු වරට පසුව පරම අයිතිය ලියාපදිංචි කිරීමඋකසක් ලියාපදිංචි කිරීමපරම අයිතිය හෝ උකසක් අහෝසි කිරීම
මෝටර් කාර්,ද්විත්ව කාර්ය,වාහනය,
මෝටර් ලොරිය,කෝව් රථය,
ප්‍රයිම් මුවර්
 1,500 1,250 500 200 300
කෘෂිකාර්මික නොවන ඉඩම් වාහනය,
කෘෂිකාර්මික ඉඩම් වාහනය,
500 1,250 500 200 300
ත්‍රී රෝදරථය,
මෝටර් සයිකලය
 250 1,250 500 200 300