නව ස්මාට් කාඩ් රියදුරු බලපත්‍රයක් ලබා ගැනීම සඳහා උපදෙස්

මෙම රියදුරු බලපත්‍රය ක්‍රම දෙකකට නිකුත් කෙරේ.

පළමු ක්‍රමය

වේරහැර බලපත්‍ර නිකුත් කරන ප්‍රධාන කාර්යාලයේදී හා කුරුණෑගල, කළුතර, හම්බන්තොට, ගම්පහ ( මීගමුව උපකාර්යාලයක් පිහිටා ඇත) අනුරාධපුරය, යාපනය, මොණරාගල, නුවර දිස්ත්‍රික්ක කාර්යාලවලදී මාර්ගගත (ONLINE) ක්‍රමය.

දෙවන ක්‍රමය

අනෙකුත් දිස්ත්‍රික් කාර්යාලවලදී මාර්ග අපගත (OFFLINE) ක්‍රමය.

පොදු අවශ්‍යතා

රියදුරු බලපත්‍රයක් සම්බන්ධයෙන් සිදුකරන ඕනෑම කටයුත්තකදී පහත අවශ්‍යතා සම්පුර්ණ විය යුතුය.

  • අයදුම්කරු පෞද්ගලිකවම පැමිණිය යුතුය.
  • ජාතික හැඳුනුම්පත හෝ ජාතික හැඳුනුම්පත් අංකය සහිත වලංගු විදේශ ගමන් බලපත්‍රය රැගෙන ආ යුතුය.
  • මාර්ග ගත ක්‍රමය භාවිතා වන කාර්යාල වලින් සේවය ලබාගැනීමේදී ඡායාරූප රැගෙන ඒම අවශ්‍ය නොවන අතර පරිගණක ක්‍රියාවලියේදී අදාළ ඡායාරූප ලබා ගනු ලැබේ. මාර්ග අපගත ක්‍රමය භාවිතා වන කාර්යාල සඳහා පාස්පෝට් ප්‍රමාණයේ ලා පැහැති පසුබිම සහිත කළු සුදු ඡායාරූප 02 ක් අවශ්‍යවේ.