• 1. වාහන නිර්මාණය වෙනස්කිරිමට අදාලව මෙම දෙපාර්තමේන්තුව විසින් 2021 වර්ෂයේදි සකස් කර ඉදිරිපත් කරන ලද යෝජනාවලිය සදහා SMT/02/DMT/DP-25 සහ 2022/09/30 දින දරණ ලිපිය මගින් ප්‍රවාහන හා මහාමාර්ග ගරු අමාත්‍යතුමාගේ ප්‍රතිපත්තිමය අනුමැතිය පරිදි එම යෝජනාවලිය යටතේ, මෝටර් වාහන පනතට (203 වන අධිකාරිය) අනුකුලව මෝටර් ට්‍රයිසික්වල (ත්‍රිරෝද රථවල) අමතර උපාංග සවිකිරිම සහ අලංකරණය කිරිමේ වැඩසටහන පහත නිර්ණායක යට‌ෙත් ක්‍රියාත්මක කළ යුතුය.
  • 2. රාජ්‍ය මුල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්ගේ FR/R/02/06/4(ii) හා 2023.05.24 දිනැති ලිපිය මගින් ලබා දී ඇති අනුමැතියට අනුව පහත අනු අංක පිළිවෙලින් ඇති මෝටර් ට්‍රයිසිකල්වල (ත්‍රීරෝද රථවල) අමතර උපාංග සවිකිරීම සහ අලංකරණයට අවසර ලබා දීම හා ඊට ඉදිරියෙන් දක්වා ඇති අනුමත ගාස්තුව අයකර ගැනීම සිදු කළ යුතුය.

මෝටර් ට්‍රයිසිකල් (ත්‍රිරෝද රථ) නවීකරණය සදහා අනුමත ගාස්තු

අංකය

විස්තරය

අනුමත

ගාස්තුව (රු.)

01

මාර්ග භාවිත කරන්නන් හට අනතුරක් හෝ අවහිරයක් නොවන පරිදි අලංකරණය සදහා පමණක් තියුණු දාර රහිත ඉනිමගක් රථයේ පිටුපසින් සවි කිරීම.

1000.00

02

තනි ප්‍රධාන පහන් සහිත ආකෘතිය වෙනස් කර ද්විත්ව ප්‍රධාන පහන් සවිකිරීම.

2500.00

03

ප්‍රධාන පහන් වෙනුවට LED පහන් සිවිකිරීම.

1000.00

04

ප්‍රධාන පහන්වලට දෙපසින් වාහනයේ පළල සීමාව ඉක්මවා  නොයන පරිදි සංඥා පහන් සහ නවතා තැබීමේ පහන් සවි කිරීම.

ගාස්තු අය නොකරේ.

05

ඉදිරි වාමුවාවට ඉහළින් සන් වයිසරයක් සවිකිරීම.

ගාස්තු අය නොකරේ.

06

ප්‍රධන වාමුවාව කොටස් තුනකින් සමන්විත වූ පැරණි ආකෘතිය වෙනුවට තනි ප්‍රධාන වීදුරුවක් සහිත වාමුවාව සවිකිරීම.

2500.00

07

ඉදිරිපස රෝදයට සම්බන්ධ ප්ලාස්ටික් මඩ්ගාඩ් වෙනුවට ලෝහ තහඩුමය මඩ්ගාඩයක් සවි කිරීම.

 ගාස්තු අය නොකරේ.

08

ගැටීමකදී පසුපසට යන ආකාරයේ පැති කණ්ණාඩි සවිකිරීම.

500.00

10

ඉදිරිපස රියදුරු අසුන දෙපසින් ලෝහමය නොවන තියුණු දාර රහිත දොර වැස්ම දෙකක් සවිකිරීම. (Door Visor)

ගාස්තු අය නොකරේ.

11

පැති කාණ්ණාඩි සීමාවෙන් ඉවතට නොයන පරිදි ලෝහමය නොවන ද්‍රව්‍යකින් සෑදු තියුණු දාර රහිත සුළං අවක්‍රමක (wind deflectorz) දෙකක් වමින් හා දකුණින් සවි කිරීම.

1000.00

18

ගුවන්විදුලි යන්ත්‍ර රැදවීම උපකරණ ඉදිරි මධ්‍ය පැනලයට වම්පස කොටසේ ඇතුළුවීමට හා පිටවීමට බාධාවක් නොවන ලෙස සවි කළ හැක.

ගාස්තු අය නොකරේ.

25

පිටාර නලයේ මුලාකෘතිය වෙනස් නොකර mufflerයක් බාහිරෙන් සවිකිරීම.

500.00

27

ඉදිරි බදෙහි පහළින් සවි කර ඇති අමතර කොටස් සියල්ල ප්ලාස්ටික් හෝ ෆයිබර් වැනි සැහැල්ලු ද්‍රව්‍යකින් නිර්මාණය කිරීම.

1000.00

29

යාන්ත්‍රික තිරිංග පද්ධතිය ඉවත් කර නිසි පදිරි ද්‍රාව පීඩන තිරිංග පද්ධතියක් සවිකිරීම.

1000.00

30

ඉදිරියට නෙරා ඇති හැඩතල හා අනතුරුදායක හැඩතලවලින් තොරව මැද පිහිටි ආරක්ෂක වැට සුදු යකඩ ලෝහයෙන් නිර්මාණය කිරීම.

2000.00

  • 3. මෝටර් ට්‍රයිසිකල්වල (ත්‍රීරෝද රථවල) අමතර උපාංග සවි කිරිම සහ අලංකරණය කිරිම සම්බන්ධයෙන් මෙම දෙපාර්තමේන්තුව සකස් කර ඇති මාර්ගෝපදේශයේ අනු අංක 4,5,7,10 හා 18 දක්වා ඇති නවීකරණයන් සහ අලංකරණ ගාස්තු අයකිරිමකින් තොරව ලබාදිය හැකිය.
  • 4. මෙවැනි නවීකරණය කරන ලද වාහනයක් විශේෂයෙන් මෝටර් රථ අඥාපනතේ 145 වගන්තිය ප්‍රකාරව භාවිතා කළ යුතුය.
  • 5. නවීකරණයන් සහ අලංකරණයන් ලියාපදිංචි සහතිකයට ඇතුලත් කිරිමේදි පහත ක්‍රමවේදය අනුගමනය කළ යුතුය.
    • I. මේ සමග ඉදිරිපත් කරන (ඇමුණුම්1) ආදර්ශ අයදුම්පත්‍රය සහ මෝටර් ට්‍රයිසිකලයේ ලියාපදිංචි සහතිකය ප්‍රධාන කාර්යාලයේ ත්‍රීරෝද රථ පැවරුම් අංශය මගින් භාර ගැනීම.
    • II. කාර්මික ශාඛාව වෙත යොමු කර බර සහතිකයක් (CMT 75) ලබා ගැනීම සහ ඒ සදහා සහකාර කොමසාරිස් කාර්මිකගේ නිර්දේශ ලබා ගත යුතුය. CMT 75 බර සහතිකය නිකුත් කිරිම සෑම දිස්ත්‍රික් කාර්යාලයකින්ම සිදුකළ යුතුය.
    • III.මෝටර් වාහන පනතට අනුව නවීකරණ හා අලංකරණ ගාස්තුවට අමතරව අයකළ යුතු අනෙකුත් සියලුම ගාස්තු අයකර ගන්නා බවට ත්‍රීරෝද රථ පැවරුම් ශාඛාව සහතික විය යුතුය.
    • IV.සහකාර කොමසාරිස් (කාර්මික) විසින් ලබා දුන් නිර්දේශය ත්‍රීරෝද රථ පැවරුම් අංශය මගින් නව ලියාපදිචි සහතිකයේ විශේෂ සටහනක් ලෙස සදහන් කර මුද්‍රණය කිරිම.
    • V. ලියාපදිංචි සහතිකය මුද්‍රණය කිරිමේදි අදාල විශේෂ සටහන සමග බර සහතිකයේ (CMT 75) අංකය සහ දිනය ඇතුළත් කිරිම.
    • VI.අනුමැතිය ලද අමතර උපාංග සවිකිරිම සහ අලංකරණය පිළිබද තොරතුරු ශ්‍රී ලංකා පොලිසිය වෙත ලිඛිතව දැනුම් දීම.
    • VII. සියලුම ලිපිගොනු සුරක්ෂිතව තබා ගැනීම අදාල අංශය භාර මාණ්ඩලික නිලධාරියාගේ වගකීම වන අතර ඒ සදහා සුදුසු ක්‍රමවේදයක් සකස් කිරිම.
    • VIII. අමතර උපාංග සවිකිරීම සහ අලංකරණයට ලක්කර සංශෝධනය කරන ලද ලියාපදිංචි සහතිකයේ පිටපතක් අවශ්‍ය අවස්ථාවකදී නීතිය පසිදලීමේ ආයතනය වෙත ඉදිරිපත් කිරීම සදහා වාහනය තුළ තිබිය යුතුය.
    • IX. මේ සදහා පහත ලේඛණ බාරගත යුතුය.
    •  
      • 1. වාහනයේ ලියාපදිංචි සහතිකය.
      • 2. වාහන හිමියන්ගේ ජාතික හැදුනුම්පතේ සහතින කළ පිටපත.
      • 3. මෝටර් රථ වාහන පරීක්ෂක වාර්තාව. (CMT 75)
      • 4. මෝටර් රථ බර සහතිකයක් ඉල්ලිම. (CMT 130)
      • 5. තොරතුරු සංශෝධනය කිරිම සදහා ඉල්ලීම. (CMT72)‍
    • X. ඉහත සියලුම කාරණා සම්බන්ධයෙන් මෝටර් රථ කොමසාරිස් ජනරාල්ගේ තීරණය අවසාන තීරණය වේ.

            ආදර්ශ අයදුම්පත්‍රය (ඇමුණුම 01)