• ශ්‍රී ලංකාවේ මෝටර් වාහනයක් ලියාපදිංචි කිරීම සඳහා එය මීට ඉහත මෙරට ලියාපදිංචි නොකරන ලද වාහනයක් විය යුතුය.
  • වමෙන් පදවන වාහන ශ්‍රී ලංකාවේ ලියා පදිංවි කරනු නොලැබේ.
  • වාහන ලියාපදිංචි කිරීමේදී භාවිතා කරන MTA – 2 අයදුම්පතේ අඩංගු කරන තොරතුරු පරිගනක ගත කරන බැවින් MTA – 2 අයදුම් පත ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් සම්පුර්ණ කළ යුතුය.
  • මොටර් වාහනයක් ලියාපදිංචි කිරීම සඳහා ඉදිරිපත් කළ යුතු ලියකියවිලි කොළඹ 05, නාරාහේන්පිට පිහිටි මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ ඇති අදාළ ලියාපදිංචි කිරීමේ අංශයට රඡයේ කාර්යාල විවෘත දින වලදි පෙ:ව 9.00 සිට ප.ව 1.30 දක්වා බාර දිය හැකිය.
  • යතුරු පැදි පමණක් දිස්ත්‍රික් ලේකම් කාර්යාල වලින් ද ලියාපදිංචි කරනු ලැබේ.
  • අයදුම් පත් නොමිලේ නිකුත් කරනු ලැබේ.
  • අයදුම්පත් ප්‍රධාන කාර්යාලයේ අයදුම් පත් කවුළුවෙන් හෝ දිස්ත්‍රික් කාර්යාල වලින් හෝ ලබා ගත හැක.